ටයිටස් තොටවත්ත (Titus Thotawatte)
ජීවිත තොරතුරු
විදුලි
ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන ඊලියන් ද සිල්වා සහ සැමිසන් ද සිල්වා ඔවුන්ය.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් ජේ.ඩී.ඵ් පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහගෙන්
චිත්‍ර කලාව හා මුර්ති කලාව උගත්තේය. ශේෂා පලිහක්කාර සහ මු කේනුදීත් යන
ශිල්පීන් සමඟ නැටුම් කලාවද හදාල ඔහු ආනන්ද සමරකොන්, සුනිල් ශාන්ත යන
ශිල්පීන් සමඟ සංගීත කලාවද හදාලේය.
සිනමාකරණයට පිවිසීමේ මුලික අඩිතාලම ලෙස මරදානේ ටෙක්නිකල් කොලිජයේදි උගත් ඡායාරූපකරණය ඔහුට විශාල පිටුවහලක් විය.1952
දී රජයේ චිත්‍රපට සංස්ථාව පිහිට වු පසු වාර්ථා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ
කටයුතු කිරීමට සමිබන්ද වීමෙන් කැමරාකරණය, ශබිද පරිපාලනය සහ රසයනාගාර කටයුතු
පිළිබඳ පුහුණුව ලැබු අතර ඔහුගේ වැඩි අවධානය යොමු වුයේ සංස්කරණ ශිල්පය
වෙතය.
මෙසේ රජයේ චිත්‍රපට ආයතනයේ කටයුතු කරමින් සිටියදී 1956 වසරේදී සිංහල සිනමාවත් ගොඩ නැගීමේ අරමුණින් ඵවකට සමකාලීනයන්ව සිටි ලෙස්ටර් ජේමිස් පීරිස් හා විලී බිලේක් සමග ඵක්ව “රේඛාව” චිත්‍රපට නිර්මාණය කිරීමට රජයේ චිත්‍රපට සංස්ථාවෙන් අස්විය. සිංහල සිනමාවේ මුල්ම චිත්‍රපටය වු “රේඛාව” චිත්‍රපටයේ රූගත කිරීම් වලට පමණක් නොව සංස්කරණ ශිල්පියාද වුයේ තොටවත්තයන්ය. 1956 පසුව
චිත්‍රපට ගණනාවකටම දායක වු අතර දස්කොන්, සංදේශය, රන්මුතු දුව, ගැටවරයෝ,
සාරවිට, චන්ඩියා, පරසතු මල් සහ හාර ලක්ශය ඉන් කැපී පෙනෙන චිත්‍රපට
කිහිපයකි. ඵකල සිංහල සිනමා ප්‍රවීනතම සංස්කාරකවරයා වුයේ ඔහුය.
සිනමාව කෙරේ තිබු උනන්දුව නිසාම ක්‍රි.ව 1957 දී ඵංගලන්තයේ “ආතර් රැන්ක්”
නිෂ්පාදන සමාගමේ පයින්වුඩ් චිත්‍රපට නිෂ්පාදනයේ තාක්ෂණය පිළබඳ පුහුණුවක්
ලැබුවේය. බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේදි හා ජගත් සිනමාවේ ඉතිහාසය හා වර්ධන
පිළිබඳ පාඨමාලවක් හැදැරු ඔහු ක්‍රි.ව 1956 සිට 1980 දක්වා
වු කාලා පරිඡේදය තුල චිත්‍රපට විශාල සංඛාවක් සඳහා දායක වී ඇත. සුවිශේෂි
චිත්‍රපට රැසක සංස්කරණය කටයුතු ඔහු අතින් සිදුවිය. සංස්කරණ ශිල්පයේ නව
ප්‍රවණතාවන් ගොඩ නංවමින් රූප රිද්මය කතාවට ගැලපෙන ආකරයට ඵකතු කරසමින්
ශිල්පය සමිප්‍රදායට ගැති නොවෙමින් සිය සංස්කරණ කටයුතු වල යෙදුනි.
1956 දී “චන්ඩියා”
චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසිණි.
ටයිටස් තොටවත්ත තිර රචනය අධ්‍යකෂණය හා සංස්කරණය යන අංශ තුනේම නියැලෙමින්
චිත්‍රපට ගණනාවක්ම සිනමා කේෂ්ත්‍රයට දායද කොට දී ඇත. ඵ් අතර කවුද හරි,
සාගරිකා, සිහසුන, මරුවා සමඟ වාසේ සහ හඳයා වැදගත් තැනක් ගනී. කුඩා ළමුන් අතර
මෙන්ම වැඩිහිටියන් අතරද හඳයා චිත්‍රපටය ගෞරවාදරයට පත්විය.
සම්මාන
- හොඳම සංස්කාරක - සාරවිට (සරසවි සම්මාන උළෙල-1965)
- හොඳම කෙටි චිත්‍රපටය - ගිලිහුණු මල් (විචාරක සම්මාන උළෙල - 1970)
- හොඳම සංස්කරණය හා හොඳම තිර රචනය - හාර ලක්ෂය (විචාරක සම්මාන උළෙල - 1972)
- හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම තිර රචනය - හඳයා(සරසවි සම්මාන උළෙල-1980)
- නිර්මාණශීලි අධ්‍යක්ෂණය, නිර්මාණශීලි සංස්කරණය - හඳයා (ඕ. සී. අයි. සී උත්තමාචාර -1980)
- හොඳම චිත්‍රපටිය සඳහා “Grand Prix” සම්මානය - හඳයා (ඉතාලිය -1980)
- නිර්මාණශීලි කෙටි චිත්‍රපටිය - දියවන්නා (ඕ. සී. අයි. සී උත්තමාචාර -1981)
- 1985)
- කුසලාන ප්‍රමාණය - සැකිළි රූ (උන්ඩා/ශ්‍රී ලංකා -)
- ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සම්මානය - (උන්ඩා/ශ්‍රී ලංකා - 1993)
- රණ තිසර සම්මානය - (සරසවි සම්මාන උළෙල-1995)
- ස්වර්ණතිලක සම්මානය - (1995)
- විශ්ව ප්‍රසාදිනී සම්මානය - (1996)
- යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානය - (සුමති ටෙලි සම්මාන - 1996)
- ජනාධිපති පුරෝගාමී සම්මාන - (1997)
- විශේෂ බුංකා සම්මාන (ජපානය) – (1998)
- ගෞරව නාම (“කළාශුරී“) - (1990)
පදක්කම්
- ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු සාමාජිකත්ව රන් පදක්කම - 1995
- ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමයේ පදක්කම (හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 10 සඳහා)
- සිංහ සමාජය 306 ඒ රන් පදක්කම(විශිෂ්ඨ රට වැසියන් උදෙසා දෙනු ලබන පදක්කම)
- Honorary Award – 1996(By :- Afilal Actors Guild of Sri Lanka)
0 comments:
Post a Comment