Wednesday, March 9, 2016

මාලනී ෆොන්සේකා (Malani Fonseka)

මාලනී ෆොන්සේකා (Malani Fonseka)

ජීවන තොරතුරු
විසිවැනි සියවසේ මැද භාගයේ අප්‍රේල් 30දා පෑලියගොඩ ෆොන්සේකා යුවළගේ තෙවැනි දරුවා ලෙස මාලනී සෙනෙහෙලතා උපන්නාය. ඇය මුලින්ම ගිය පාසල නුගේගොඩ රජයේ පාසලය. ඉන්පසු කැළණිය ගුරුකුලයට ගියේය.
ඇය මුලින්ම රඟපෑවේ “නොරත රත“ වේදිකා නාට්‍යයයි. ඇගේ ප්‍රථම චිත්‍රපට රංගනය 1968 දී තිරගත වූ වූයේ තිස්ස ලියනසුරියගේ “පුංචි බබා“ චිත්‍රපටයයි. පසුව එම අවුරුද්දේම “අබුද්දස්ස කාලේ“, “දහසක් සිතුවිලි“, “ආදරවන්තයෝ“ යන චිත්‍රපට රාශියක්ම ඇයට ලැබුණි.
දක්‍ෂ ජනප්‍රිය නිළියන් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ “නිධානය“ චිත්‍රපටයේ කළ සංකීර්ණ භූමිකාව ප්‍රේක්‍ෂක හා විචාරක සම්මානයට පාත්‍ර විය. ගාමිණි - මාලනී යුගයක් මෙන්ම සිංහල සිනමා වංශ කතාවේ විජය - මාලනී පිටුවක්ද සනිටුහන් විය.
1986 ජුනි 12 වනදා මාලනී ෆොන්සේකා සමඟ ලකී ඩයස් විවාහ විය. ලෝක සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිළියන් අතලොස්ස අතරට ඇයගේ නමද එක් වන්නීය.සිනමා කර්මාන්තයේ සැමගේම “අම්මා“ ලෙස ඇතැමුන් ඇය හඳුන්වන්නේ ඒ නිසා වන්නට ඇත.
නිර්මාණ
රඟ පෑ චිත්‍රපට
  • හතර දෙනාම සූරයෝ
  • නිධානය
  • කවුද රජා
  • බඹරු ඇවිත්
  • හිඟන කොල්ලා
  • කස්තුරි සුවඳ
  • ආවා සොයා ආදරේ
  • අක්කර පහ
  • සුසී
  • එයා දැන් ලොකු ළමයෙක්
සම්මාන
හොඳම වේදිකා නිළිය (1969)
හොඳම නිළිය - විචාරක සම්මානය (1972)
සරසවි සම්මානය
ජනාධිපති සම්මානය
ස්වර්ණ සංඛ සම්මානය
ඕ. සී. අයි. සී. සම්මානය

එදිරිවීර සරච්චන්ද්‍ර (Ediriweera Sarachchandra)

එදිරිවීර සරච්චන්ද්‍ර (Ediriweera Sarachchandra)

ජීවන තොරතුරු
1914 ජුනි 03දා රත්ගම දොඩන්දූවේ තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ චාල්ස් ෆැන්සිස් සිල්වාට හා ගුරුවරියක වූ පින්තෝ මොරගොඩට දාව, වැදිතන්තිරිගේ යුස්ටස් රෙජිනෝඩ්ද සිල්වා නමින් උපත ලැබීය. ඔහු තම නාමය පසුව එදිරිවීර රංජිත් සරච්චන්ද්‍ර ලෙසින් වෙනස් කර ගත්තේය. මොහුට බාල සහෝදරයන් දෙදෙනෙකි. මෙතුමා ගාල්ලේ රිච්මන්ඩ්,පානදුරේ ශාන්ත ජොන්, ගල්කිස්සේ ශාන්ත තෝමස් යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබුහ. එහිදී ඔහු විද්‍යා විෂයන් හා ඉංශ්‍රීසි සාහිත්‍යය මෙන්ම ග්‍රීක, ලතින් ආදී භාෂාද ප්‍රගුණ කළහ. 
මෙතුමා පාසල් මට්ටමින් පවත්වන උසස්ම විභාගය වන ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගය සමත් වූහ. 1933 දී කොළඹ විශ්ව විද්‍යාලයට (යුනිවර්සිටි කොලීජිය) ඇතුළත්වී පාලි, සංස්කෘත යන විෂයන් හැදෑරුහ. 1936 දී මෙතුමා පළමු පෙළ සාමාර්ථයක් ලබාගත්තේය. එසේම ශ්‍රී ලංකා සිවිල් සේවා විභාගයට පෙනී සිට දිවයිනේ පළමුවැනියා වශයෙන් ලිඛිත විභාගයෙන් සමත්විය. ඔහු නිතරම ස්වභාෂා අධ්‍යයනයට උනන්දු වූ අතර, ඉංශ්‍රීසි ඥානය තම පෙරදිග ඥානය වර්ධනයට රුකුලක් කරත්තේය.
පළමුව ගුරු වෘත්තියේ නියැලුණු ඔහු ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල, බම්බලපිටියේ ශාන්ත පීතර් විදුහල් හි සේවය කලේය. ලේක් හවුස් ආයතනයට බැදුණු එතුමා තම ලිඛිත හැකියාව වර්ධනය කරගත්හ. පසුව සිංහල ශබ්ද කෝෂයේ උප කතෘ වශයෙන්ද සේවය කළ මොහු, 1944 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි අංශයේ කථීකාචාර්ය ධුරයට පත් විය.
ඔහු 1939 දී අයිලීන් බ්ලෙක් හා විවාහ වූහ. ඇය සමග භාරතීය දර්ශනය හා සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගියේය. 1947 දී එංගලන්තයේ ලක්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් මෙතුමා, ජපන් භාෂාව ද අධ්‍යයනය කළේය. 1965 දී තම දෙවන විවාහය ලලිතා ස්වර්ණලතා පෙරේරා සමඟ සිදුකළේය.මෙතුමා 1966-1977 කාලයේදී ඇමෙරිකා ඩෙනිසන්,රොචෙස්ටර්, අර්හැම් යන විශ්ව විද්‍යාල වල ආරාධිත මහාචාර්ය පදවිය දැරිය. ජපානයේ ආරාධනාව  පිට International Conference on Japanees Studies යන සම්මන්ත්‍රණයට සහභාගී විය. තවද රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේත්, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේත්, 1974-1977 කාල වකවානුවේ ප්‍රංශයේ වතිකානුවේ සහ ස්විස්ටර්ලන්තයේ තනාපති ධුරත්, ලංකාවේ යුනෙස්කෝ නියෝජිතයා වශයෙනුත් කටයුතු කළේය. තවද ඇමෙරිකාවේ හවායි හි ඊස්ට් වෙස්ට් ආයතනික විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මහාචාර්ය තනතුරට පත්විය.
1996 අගෝස්තු මස 16 වන දින අඩසිය වසකටත් වැඩි කාලයක් දේශීය කලාව ඔප් නැංවීමට විශාල මෙහෙයක් කළ මේ ප්‍රඥායා අප අතරින් සමුගන්නා ලදී.
නිර්මාණ
නාට්‍ය
  • 1942 දී මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ විත්ති“ පොත පරිවර්තනය
  • 1943 දී මෝලියර්ගේ නාට්‍යයක් “මුදලාලිගේ පෙරළිය“ නමින් පරිවර්තනය.(ඒ.පී.ගුණරත්න සමග) මේ සමගින් මුල්ම අනුවර්තනය හා නාට්‍ය නිෂ්පාදනය සිදුවිය.
  • “මළගිය ඇත්තෝ“ (1954)- ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත්කිරීම.
  • “මුදලාලිගේ පෙරළිය“ – 1943/12/16 දා පළමු නාට්‍යය තිරගතවීම.(අනුවර්තන නාට්‍යයකි)
  • කපුවා කපෝති(1945), හැංගි හොරා(1949), උත්තර රාම චරිතය(1951), බහින කළාව හෙවත් සංස්කෘතික කොමසාරිස් (1951), පබාවතී (1952 ),වෙද සටහන (1955)රත්රන්(195 4), වඳින්නගිය දේවාලේ (1955), මනමේ, සිංහබාහු, වෙස්සන්තර, ප්‍රේමතී ජායති සෝකෝ, වෙල්ලවැහුම්, රත්තරන්,ඒකට මට හිනා හිනා, එලොව ගිහින් මෙලොව ආවා ආදී නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කරන ලදී. 
සම්මාන
  • මළගිය ඇත්තෝ නව කථාව(1956) - ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සම්මානය.
  • WITH THE BEGING BOWL(1979) - කෘතියට ශ්‍රී  ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සම්මානය.
  • 1982 දී යාපනය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින් ඩී. ලිට්. සම්මාන උපාධිය.
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය ධුරයට පත් කිරීම.
  • 1985 දී“කුමාරන් අසන් විශ්ව සම්මානය“ (භාරතයේ කේරළ රාජ්‍යෙයන්).
  • 1988 දී පිලපීනයේ මැග්සේසේ ජාත්‍යන්තර සම්මානය.
  • 1991 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඩී. ලිට් සම්මාන උපාධිය.
  • 1996 දී ජපන් රජයෙන් රජත හා ස්වර්ණමය සම්මාන ලැබීම.
  • 1993 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කිරීම.
  • ස්විඩනයේ පැවති නොබෙල් ත්‍යාගය සුදසුස්සන් නම් කිරීමේ කොමිටියට පත්කළ ප්‍රථම ශ්‍රී ලංකිකයා වීම.

ගාමිණී පොන්සේකා (Gamini Fonseka)

ගාමිණී පොන්සේකා (Gamini Fonseka)

ජීවන තොරතුරු
ඔහු 1936 මාර්තු මස 21 වනදා කොළඹ දෙහිවලදී උපන්නේය.දෙහිවල කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලු වුයේය.
පාසල් අධ්‍යාපනයෙන් පසු දෛවය ඔහුව මුලින්ම යොමුකළේ චිත්‍ර කලාව දෙසටයි. රට පිළිගත් අසහාය නළුවා බවට මුල් අත්පොත් තබන්නට ප්‍රථමයෙන් දෛවය ඔහුව යොමුකළේ. පුවත්පත් කලාව හා  ජායාරූප ශිල්පය යන අංශ දෙසටය.
අවසානයේ 1956 වසරේ ඔහු තමනට උරුම නියම ජීවන ඉලක්කය කරා යොමුවුයේ විලී බ්ලේක්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩබ්.ඒ. සිල්වා වැනි ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ ඇසුරින් හා උපදේශකත්වයෙනි.
1963 වසරේ පෙබරවාරි 21 වැනිදා ගාමිණි - සුමනා සමග විවාහ වුයේය.
“රේඛාව“ චිත්‍රපටයේ පළමුවරට ගාමිණී පෙනීසිටි අවස්ථාවේ ඔහු සැබෑ ලෙසම කකුලේ තුවාලයක් සහිතව සිටියේය. ලෝක සිනමාව පිළිබඳ සුවිශේෂි ප්‍රාගුණ්‍යයකින් හෙබි “මිස්රි“ නම් වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය කැමරා ශිල්පියා ලංකාවේ රංගන අනාගතය ඔබ අත රුඳී ඇති බැව් ගාමිණීට අවධාරණයෙන් පැවසීය.
ගාමිණී පොන්සේකා චිත්‍රපට අධ්‍යක්ෂණයට මුල් අඩිතාලම දැමුවේ අද ඊයේ නොවේ. 1987 වසරේ සිටය. 30 වසරකටත් අධික ඔහුගේ සිනමා ජිවිතය තුලින් අනාගත පරම්පරාවට අනාගත සිනමා ශිල්පීන්ට ඉගෙනීමට ඔහු බොහෝ දේ ඉතිරි කර ඇත. ඉවසීම, කැපවීම, ධෛර්යය, ඔහුගේ කලා ජීවිතයේ සාර්ථකත්වයයි.
 නිර්මාණ
ඔහු රඟ පෑ විත්‍රපට
  • දෛව යෝගය, සංදේශය, රන්මුදු දුව, ගැටවරයෝ, ධිවරයෝ, චණ්ඩියා, රූන ගිරව්, සරුංගලේ, හුලවාලි, කවුද රජා, පරසතු මල්, සාගරක් මැද, නොමියෙන මිනිසුන්, සෙබළියෝ, කොටි වලිගය, අදට වැඩිය හෙට හොඳයි, හොරුන්ගෙත් හොරු, සැනසුම කොතැනද, ගම් පෙරළිය, ආවා සොයා ආදරේ, යුගාන්තය, සරුංගලය
අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට
  • සාගරයක් මැද
  • පරසතු මල්
  • උතුමාණෙනි
  • කොටි වලිගය
සම්මාන
  • සරසවි සම්මානය(1965)
  • රණ මයුර සම්මානය(නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 1965)
  • සුමතිපාල අනුස්මරණ සම්මානය (1991)

අයිරාංගනී සේරසිංහ (Irangani Serasinghe)

අයිරාංගනී සේරසිංහ (Irangani Serasinghe)

ජීවන තොරතුරු
1927 ජූලි 09 දා කෑගල්ල, මීදෙනියේදී  මොළමූරේ පරම්පරාවේ උපන් ඇය නමින් අයිරාංගනී රොක්සානාය. ඇය මහනුවර ශාන්ත පීතර් කන්‍යාරාමය, මහනුවර බිෂොප්ස් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවාය.
කලා විෂයන්ගෙන් අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වූ ඇය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවාය.පාසලේ සහ විශ්ව විද්‍යාලයේ, ඉංශ්‍රීසි  සහ සිංහල යන අංශ දෙකෙන්ම වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ සාමාජිකාවක් විය. ඇය වඩාත් නැඹුරු වූයේ ඉංශ්‍රීසි නාට්‍ය ක්‍ෂේත්‍රයටය.
නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවාය. ඇයට තිබූ ඉංශ්‍රීසි භාෂා කුසලතාවය නිසා English Poem නිර්මාණය හා ඒවා දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමද සිදුකළාය.
1947 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ආර්ථීක විද්‍යාව, ඉංශ්‍රීසි හා ඉතිහාසය යන විෂයන්ගෙන් උපාධියද පසුව පශ්චාත් උපාධියක්ද ඇය ලබාගත්තාය. පළමුව මියසියස් විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබීය. පසුව Drama School නම් විදෙස් වේදිකා නාට්‍ය පාසලක ඉගැන්වීමට ලැබිණි. ලංකාවට පැමිණි ඇය වසරක පමණ කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංශ්‍රිසි නාට්‍ය අංශයේ සේවයේ යෙදුණි. ඒ 1971 දීය. අවසාන වශයෙන් ඇය Time පුවත්පතේ මාධ්‍යෙව්දිනියක් ලෙස කටයුතු කළාය. ඇයගේ විනෝදාංශය ස්වාභාවික සංරක්ෂණයයි. ඒ සඳහා ඇය තැබු යෝධ පියවරක් ලෙස “රුක් රුකගන්න“ සංවිධානය
ආරම්භ කිරීම ගත හැකි. මෙම සංවිධානය ආරම්භ කිරීම ගත හැක. මෙම සංවිධානයෙන් ඉටුවන සේවාව උදෙසා ඇයට සම්මාන හිමිවිය. තවද ඇය විවිධ පරිසර කමිටුවල ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන්නීය.
නිර්මාණ
සිංහල වේදිකා නාට්‍ය
පෝරිසාදයා
අපට පුතේ මගක් නැතේ වේ
සිංහල වේදිකා නාට්‍ය වලට මෙන්ම ඉංශ්‍රීසි වේදිකා නාට්‍ය වලටද දායක වී තිබේ.
විත්‍රපට
රේඛාව , දොලොවක් අතර , සීගිරි කාශ්‍යප , සංදේශය, අවරගිර , බක්මහ දීගෙ , සංදේශය , අවරගිර , බක්මහ දීගෙ , දෙවැනි ගමන , දඩයම , රන්සිළු , සුදු සෙවණැලි , තුන්වෙනි යාමය
ටෙලි නාට්‍ය
සමාප්තිය (ඒකාංගික) , යශෝරාවය , දූ දරුවෝ , නෑදෑයෝ , රුපියල් ශත

ටයිටස් තොටවත්ත (Titus Thotawatte)

ටයිටස් තොටවත්ත (Titus Thotawatte)

ජීවිත තොරතුරු
ටයිටස් තොටවත්ත ක්‍රි.ව 1929 අප්‍රේල් මස 17 වනදා බොරැල්ලේදී උපන්නේය. ටයිටස් තොටවත්තයන්ගේ මුල නම දොන් ඵන්මානුවෙල් ටයිටස් ද සිල්වා‍ය. පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු ටයිටස්ට වැඩිමහල්ව සහෝදරයන් දෙදෙනකු විය.
විදුලි ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන ඊලියන් ද සිල්වා සහ සැමිසන් ද සිල්වා ඔවුන්ය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් ජේ.ඩී.ඵ් පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහගෙන් චිත්‍ර කලාව හා මුර්ති කලාව උගත්තේය. ශේෂා පලිහක්කාර සහ මු කේනුදීත් යන ශිල්පීන් සමඟ නැටුම් කලාවද හදාල ඔහු ආනන්ද සමරකොන්, සුනිල් ශාන්ත යන ශිල්පීන් සමඟ සංගීත කලාවද හදාලේය.
සිනමාකරණයට පිවිසීමේ මුලික අඩිතාලම ලෙස මරදානේ ටෙක්නිකල් කොලිජයේදි උගත් ඡායාරූපකරණය ඔහුට විශාල පිටුවහලක් විය.1952 දී රජයේ චිත්‍රපට සංස්ථාව පිහිට වු පසු වාර්ථා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ කටයුතු කිරීමට සමිබන්ද වීමෙන් කැමරාකරණය, ශබිද පරිපාලනය සහ රසයනාගාර කටයුතු පිළිබඳ පුහුණුව ලැබු අතර ඔහුගේ වැඩි අවධානය යොමු වුයේ සංස්කරණ ශිල්පය වෙතය.
 මෙසේ රජයේ චිත්‍රපට ආයතනයේ කටයුතු කරමින් සිටියදී 1956 වසරේදී සිංහල සිනමාවත් ගොඩ නැගීමේ අරමුණින් ඵවකට සමකාලීනයන්ව සිටි ලෙස්ටර් ජේමිස් පීරිස් හා විලී බිලේක් සමග ඵක්ව රේඛාව චිත්‍රපට නිර්මාණය කිරීමට රජයේ චිත්‍රපට සංස්ථාවෙන් අස්විය. සිංහල සිනමාවේ මුල්ම චිත්‍රපටය වු රේඛාවචිත්‍රපටයේ රූගත කිරීම් වලට පමණක් නොව සංස්කරණ ශිල්පියාද වුයේ තොටවත්තයන්ය. 1956 පසුව චිත්‍රපට ගණනාවකටම දායක වු අතර දස්කොන්, සංදේශය, රන්මුතු දුව, ගැටවරයෝ, සාරවිට, චන්ඩියා, පරසතු මල් සහ හාර ලක්ශය ඉන් කැපී පෙනෙන චිත්‍රපට කිහිපයකි. ඵකල සිංහල සිනමා ප්‍රවීනතම සංස්කාරකවරයා වුයේ ඔහුය.
 සිනමාව කෙරේ තිබු උනන්දුව නිසාම ක්‍රි.ව 1957 දී ඵංගලන්තයේ ආතර් රැන්ක් නිෂ්පාදන සමාගමේ පයින්වුඩ් චිත්‍රපට නිෂ්පාදනයේ තාක්ෂණය පිළබඳ පුහුණුවක් ලැබුවේය. බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේදි හා  ජගත් සිනමාවේ ඉතිහාසය හා වර්ධන පිළිබඳ පාඨමාලවක් හැදැරු ඔහු ක්‍රි.ව 1956 සිට 1980 දක්වා වු කාලා පරිඡේදය තුල චිත්‍රපට විශාල සංඛාවක් සඳහා දායක වී ඇත. සුවිශේෂි චිත්‍රපට රැසක සංස්කරණය කටයුතු ඔහු අතින් සිදුවිය. සංස්කරණ ශිල්පයේ නව ප්‍රවණතාවන් ගොඩ නංවමින් රූප රිද්මය කතාවට ගැලපෙන ආකරයට ඵකතු කරසමින් ශිල්පය සමිප්‍රදායට ගැති නො‍වෙමින් සිය සංස්කරණ කටයුතු වල යෙදුනි.
1956 දී චන්ඩියා චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසිණි. ටයිටස් තොටවත්ත තිර රචනය අධ්‍යකෂණය හා සංස්කරණය යන අංශ තුනේම නියැලෙමින් චිත්‍රපට ගණනාවක්ම සිනමා කේෂ්ත්‍රයට දායද කොට දී ඇත. ඵ් අතර කවුද හරි, සාගරිකා, සිහසුන, මරුවා සමඟ වාසේ සහ හඳයා වැදගත් තැනක් ගනී. කුඩා ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද  හඳයා චිත්‍රපටය ගෞරවාදරයට පත්විය.
  සම්මාන
  • හොඳම සංස්කාරක - සාරවිට (සරසවි සම්මාන උළෙල-1965)
  • හොඳම කෙටි චිත්‍රපටය - ගිලිහුණු මල් (විචාරක සම්මාන උළෙල - 1970)
    • හොඳම සංස්කරණය හා හොඳම තිර රචනය - හාර ලක්ෂය (විචාරක සම්මාන උළෙල - 1972)
    • හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම තිර රචනය - හඳයා(සරසවි සම්මාන උළෙල-1980)
    • නිර්මාණශීලි අධ්‍යක්ෂණය, නිර්මාණශීලි සංස්කරණය - හඳයා (ඕ. සී. අයි. සී උත්තමාචාර -1980)
    • හොඳම චිත්‍රපටිය සඳහා “Grand Prix” සම්මානය - හඳයා (ඉතාලිය -1980)
    • නිර්මාණශීලි කෙටි චිත්‍රපටිය - දියවන්නා (ඕ. සී. අයි. සී උත්තමාචාර -1981)
    • 1985)
    • කුසලාන ප්‍රමාණය - සැකිළි රූ  (උන්ඩා/ශ්‍රී ලංකා -)
    • ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සම්මානය - (උන්ඩා/ශ්‍රී ලංකා - 1993)
    • රණ තිසර සම්මානය - (සරසවි සම්මාන උළෙල-1995)
      • ස්වර්ණතිලක සම්මානය - (1995)
      • විශ්ව ප්‍රසාදිනී සම්මානය - (1996)
      • යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානය - (සුමති ටෙලි සම්මාන - 1996)
      • ජනාධිපති පුරෝගාමී සම්මාන               -           (1997)
      • විශේෂ බුංකා සම්මාන (ජපානය)           –          (1998)
      • ගෞරව නාම (“කළාශුරී“)                     -           (1990)

පදක්කම්
  • ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු සාමාජිකත්ව රන් පදක්කම - 1995
  • ශ්‍රී ලංකා සිනමා විචාරක සංගමයේ පදක්කම (හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 10 සඳහා)
  • සිංහ සමාජය 306 ඒ රන් පදක්කම(විශිෂ්ඨ රට වැසියන් උදෙසා දෙනු ලබන පදක්කම)
  • Honorary Award – 1996(By :- Afilal Actors Guild of Sri Lanka)

රොඩ්නි වර්ණකුල (Rodni Warnakula)

රොඩ්නි වර්ණකුල (Rodni Warnakula)

 ජිවන තොරතුරු
ජාඇල පමුණුගම,බෝපිටිය ග්‍රාමයේ ඇලොයි වර්ණකුල හා ඇනී ජයකොඩි යුවලට දාව 1961 අප්‍රේල් 24 දා උපන් රොඩ්නි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ප්‍රාථමික අධ්‍යාපනය බෝපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙනුත්,ද්විතීක අධ්‍යාපනය පමුණුගම මහ විදුහ‍ලෙනුත්,ද්විතික අධ්‍යාපනය පමුණගම මහ විදුහලෙනුත් ලද ඔහු පසුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමි විද්‍යා සැලසුමි ශිල්පියෙකු ලෙස සේවයට බැදුණි. තවද ඔහු ආයුර්වේදය පිළබඳ වසර දෙකක පාඨමාලාවක් මෙන්ම රජයේ මුද්‍රණ ශිල්පය පිළිබඳව ඩිප්ලෝමාක්ද ලබා ඇත.
1989 දී ඉරානි සුභසිංහ මෙනවිය හා අතිනතගත් රොඩ්නි වර්ණකුල ප්‍රසාංගිකා,සමාධි,ඉරෝෂ යන දු දරුවන්ගේ දයාබර පියාණෝය.
කලා තොරතුරු
  • වේදිකා නාට්‍ය - තාරාවෝ ඉගිලෙති/සිංහ කොඩියේ රාජසිංහ/නරිබෑනා/වැනීසියේ වෙළෙන්දා/ආනන්ද ජවනිකා/මධුර ජවනිකා/ ගුරුතරුව/බිසෝ/පැන්ස දෙකේ හංසයා/සෙනෙහෙබර ඩොලී/මීපුර වැසියෝ/ගී රඟ මඩල/මේක යස කතාවක්/ආටානාටිය/සාරංගා නැවෙන් ඇවිත්/පාදඩ අසපුව/අහස් බන්දන/
  • ටෙලි නාට්‍ය - ගමේ විත්ති/බෝඩිම/සුටිං මාටින්/වැලි සුළඟ/හතරවටේ/දොළොස් මහේ අපි/දොළොස් පැය/ජීවිත රෝදය/වාඩිය/එතුමා/මෙතුමා/නෝනාවරුනි මහත්වරුනි/
  • චිත්‍රපට - ක්ලීන් අවුටි/බහු භූතයෝ
  • නාට්‍ය නිෂ්පාදන- සාරංගා නැවෙන් ඇවිත්
  • කැසට් පට - හා හා ලඳේ
  • වැඩසටහන් ඉදිරිපත් කිරීමි - ඔල්ඩි හිටිස්
  • හඬ කැවිමි - මපටි ෂෝ
සම්මාන සහ සහතික
  • කුසලතා සහතික(ගුරු තරුව නාට්‍ය) – 1996 රාජ්‍ය උළෙල

ලෙස්ටර් ජේම්ස් පීරිස් (Lester James Peiris)

ලෙස්ටර් ජේම්ස් පීරිස් (Lester James Peiris)

ජීවන තොරතුරු
1919 අප්‍රේල් 5 වෙනිදා දෙහිවල කතෝලික පවුලක උපන් ලෙස්ටර්ගේ බාලවිය නොයෙක් මානසික පීඩා වලින් ගහණ වූවකි. වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ ලන්ඩනයේ ඉංගීසි පුවත්පත් කලාවේදියෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. පසුව එහිදී පර්යේෂණාත්මක කෙටි චිත්‍රපට කිහිපයක් නිපදවා සිනමා ශිල්පයේ පළමු අභ්‍යාසය ප්‍රගුණ කළේය.
ඔහු එසේ සිනමා මාධ්‍යයට හා පුරා කියා අතගැසුවේ 1945 දී Golilioguy නැමැති විනාඩි 12 ක පමණ කෙටි චිත්‍රපටය ඔස්සේ ඔහු සිය සිනමා ගමනට ප්‍රථම පියවර තැබුවේය.
1952 දී මව්රට පැමිණි ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ සහකාර අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසට කටයුතු කළේය. එපමණක් නොව ඔහුගේ සිනමාව හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිනමාව වෙත කැන්දගෙන ගියේය.
මෙරට ජාතික සිනමාවට ජාත්‍යන්තර කීර්තියක් ප්‍රථම වරට අත්පත් වූයේ ලෙස්ටර්ගේ ගම්පෙරලියටයි. ඒ 1965 දීය. ඉන් පසුව එම චිත්‍රපටය එම වසරේම මැක්සිකෝවේ අකවුල්කොහී චිත්‍රපට උළෙල පිළිබඳ අටවැනි ජගත් සමාලෝචනයේදී ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක් සම්මානයත් දිනාගැනීමට සමත් වූහ.මෙසේ 3 වැනි ලෝකයේ ඉහලම චිත්‍රපට උළෙලදීත් දේශීය චිත්‍රපට වලදීත් බුහුමනටත්, සම්මානයටත් පාත්‍රවෙත්ම ලෙස්ටර් චිත්‍රපට සංඛ්‍යාව වැඩිකර ගැනීමට කැමැත්තක් දැක්වූ බව ප්‍රකට කරුණකි.
ඔහුගේ චිත්‍රපට හරහා හඳුනාගත හැකි අනෙක් සුවිශේෂත්වය නම් අපේ නවකතා සාහිත්‍ය තුළින් ලාංකීය ඉතිහාසය විවරණය කරමින් සිනමාවේ යෙදෙන්නට ඔහු දැරූ රුචිකත්වයයි. ඔහුගේ සිනමාව පුරා රැඳුණු ලාංකීය සුවඳ පිළිබඳ රහස ඇත්තේද එතනයි.
චිත්‍රපට
රජරට ජයග්‍රහණ
රැකෙනු හෝ තැවෙනු
ගම්පෙරළිය
ගොලු හදවත
නිධානය
අහසින් පොළවට
බැද්දේගම
කලියුගය
යුගාන්තය
සංදේශය
වීර පුරන් අප්පු
අවරගිර
රේඛාව
ටෙලි නාට්‍ය
ගිරය
සම්මාන
ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක්(1965)
ඉන්ටර්නැෂනල් ෆිල්ම් ගයිඩ්(1983)
Life Time Award (2000)
ලිජන් ඔෆ් වර්නර්