Wednesday, March 9, 2016

රොඩ්නි වර්ණකුල (Rodni Warnakula)

රොඩ්නි වර්ණකුල (Rodni Warnakula)

 ජිවන තොරතුරු
ජාඇල පමුණුගම,බෝපිටිය ග්‍රාමයේ ඇලොයි වර්ණකුල හා ඇනී ජයකොඩි යුවලට දාව 1961 අප්‍රේල් 24 දා උපන් රොඩ්නි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ප්‍රාථමික අධ්‍යාපනය බෝපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙනුත්,ද්විතීක අධ්‍යාපනය පමුණුගම මහ විදුහ‍ලෙනුත්,ද්විතික අධ්‍යාපනය පමුණගම මහ විදුහලෙනුත් ලද ඔහු පසුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමි විද්‍යා සැලසුමි ශිල්පියෙකු ලෙස සේවයට බැදුණි. තවද ඔහු ආයුර්වේදය පිළබඳ වසර දෙකක පාඨමාලාවක් මෙන්ම රජයේ මුද්‍රණ ශිල්පය පිළිබඳව ඩිප්ලෝමාක්ද ලබා ඇත.
1989 දී ඉරානි සුභසිංහ මෙනවිය හා අතිනතගත් රොඩ්නි වර්ණකුල ප්‍රසාංගිකා,සමාධි,ඉරෝෂ යන දු දරුවන්ගේ දයාබර පියාණෝය.
කලා තොරතුරු
  • වේදිකා නාට්‍ය - තාරාවෝ ඉගිලෙති/සිංහ කොඩියේ රාජසිංහ/නරිබෑනා/වැනීසියේ වෙළෙන්දා/ආනන්ද ජවනිකා/මධුර ජවනිකා/ ගුරුතරුව/බිසෝ/පැන්ස දෙකේ හංසයා/සෙනෙහෙබර ඩොලී/මීපුර වැසියෝ/ගී රඟ මඩල/මේක යස කතාවක්/ආටානාටිය/සාරංගා නැවෙන් ඇවිත්/පාදඩ අසපුව/අහස් බන්දන/
  • ටෙලි නාට්‍ය - ගමේ විත්ති/බෝඩිම/සුටිං මාටින්/වැලි සුළඟ/හතරවටේ/දොළොස් මහේ අපි/දොළොස් පැය/ජීවිත රෝදය/වාඩිය/එතුමා/මෙතුමා/නෝනාවරුනි මහත්වරුනි/
  • චිත්‍රපට - ක්ලීන් අවුටි/බහු භූතයෝ
  • නාට්‍ය නිෂ්පාදන- සාරංගා නැවෙන් ඇවිත්
  • කැසට් පට - හා හා ලඳේ
  • වැඩසටහන් ඉදිරිපත් කිරීමි - ඔල්ඩි හිටිස්
  • හඬ කැවිමි - මපටි ෂෝ
සම්මාන සහ සහතික
  • කුසලතා සහතික(ගුරු තරුව නාට්‍ය) – 1996 රාජ්‍ය උළෙල

0 comments:

Post a Comment