Wednesday, March 9, 2016

ගාමිණී පොන්සේකා (Gamini Fonseka)

ගාමිණී පොන්සේකා (Gamini Fonseka)

ජීවන තොරතුරු
ඔහු 1936 මාර්තු මස 21 වනදා කොළඹ දෙහිවලදී උපන්නේය.දෙහිවල කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලු වුයේය.
පාසල් අධ්‍යාපනයෙන් පසු දෛවය ඔහුව මුලින්ම යොමුකළේ චිත්‍ර කලාව දෙසටයි. රට පිළිගත් අසහාය නළුවා බවට මුල් අත්පොත් තබන්නට ප්‍රථමයෙන් දෛවය ඔහුව යොමුකළේ. පුවත්පත් කලාව හා  ජායාරූප ශිල්පය යන අංශ දෙසටය.
අවසානයේ 1956 වසරේ ඔහු තමනට උරුම නියම ජීවන ඉලක්කය කරා යොමුවුයේ විලී බ්ලේක්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩබ්.ඒ. සිල්වා වැනි ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ ඇසුරින් හා උපදේශකත්වයෙනි.
1963 වසරේ පෙබරවාරි 21 වැනිදා ගාමිණි - සුමනා සමග විවාහ වුයේය.
“රේඛාව“ චිත්‍රපටයේ පළමුවරට ගාමිණී පෙනීසිටි අවස්ථාවේ ඔහු සැබෑ ලෙසම කකුලේ තුවාලයක් සහිතව සිටියේය. ලෝක සිනමාව පිළිබඳ සුවිශේෂි ප්‍රාගුණ්‍යයකින් හෙබි “මිස්රි“ නම් වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය කැමරා ශිල්පියා ලංකාවේ රංගන අනාගතය ඔබ අත රුඳී ඇති බැව් ගාමිණීට අවධාරණයෙන් පැවසීය.
ගාමිණී පොන්සේකා චිත්‍රපට අධ්‍යක්ෂණයට මුල් අඩිතාලම දැමුවේ අද ඊයේ නොවේ. 1987 වසරේ සිටය. 30 වසරකටත් අධික ඔහුගේ සිනමා ජිවිතය තුලින් අනාගත පරම්පරාවට අනාගත සිනමා ශිල්පීන්ට ඉගෙනීමට ඔහු බොහෝ දේ ඉතිරි කර ඇත. ඉවසීම, කැපවීම, ධෛර්යය, ඔහුගේ කලා ජීවිතයේ සාර්ථකත්වයයි.
 නිර්මාණ
ඔහු රඟ පෑ විත්‍රපට
  • දෛව යෝගය, සංදේශය, රන්මුදු දුව, ගැටවරයෝ, ධිවරයෝ, චණ්ඩියා, රූන ගිරව්, සරුංගලේ, හුලවාලි, කවුද රජා, පරසතු මල්, සාගරක් මැද, නොමියෙන මිනිසුන්, සෙබළියෝ, කොටි වලිගය, අදට වැඩිය හෙට හොඳයි, හොරුන්ගෙත් හොරු, සැනසුම කොතැනද, ගම් පෙරළිය, ආවා සොයා ආදරේ, යුගාන්තය, සරුංගලය
අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට
  • සාගරයක් මැද
  • පරසතු මල්
  • උතුමාණෙනි
  • කොටි වලිගය
සම්මාන
  • සරසවි සම්මානය(1965)
  • රණ මයුර සම්මානය(නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 1965)
  • සුමතිපාල අනුස්මරණ සම්මානය (1991)

0 comments:

Post a Comment