Wednesday, March 9, 2016

මාලනී ෆොන්සේකා (Malani Fonseka)

මාලනී ෆොන්සේකා (Malani Fonseka)

ජීවන තොරතුරු
විසිවැනි සියවසේ මැද භාගයේ අප්‍රේල් 30දා පෑලියගොඩ ෆොන්සේකා යුවළගේ තෙවැනි දරුවා ලෙස මාලනී සෙනෙහෙලතා උපන්නාය. ඇය මුලින්ම ගිය පාසල නුගේගොඩ රජයේ පාසලය. ඉන්පසු කැළණිය ගුරුකුලයට ගියේය.
ඇය මුලින්ම රඟපෑවේ “නොරත රත“ වේදිකා නාට්‍යයයි. ඇගේ ප්‍රථම චිත්‍රපට රංගනය 1968 දී තිරගත වූ වූයේ තිස්ස ලියනසුරියගේ “පුංචි බබා“ චිත්‍රපටයයි. පසුව එම අවුරුද්දේම “අබුද්දස්ස කාලේ“, “දහසක් සිතුවිලි“, “ආදරවන්තයෝ“ යන චිත්‍රපට රාශියක්ම ඇයට ලැබුණි.
දක්‍ෂ ජනප්‍රිය නිළියන් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ “නිධානය“ චිත්‍රපටයේ කළ සංකීර්ණ භූමිකාව ප්‍රේක්‍ෂක හා විචාරක සම්මානයට පාත්‍ර විය. ගාමිණි - මාලනී යුගයක් මෙන්ම සිංහල සිනමා වංශ කතාවේ විජය - මාලනී පිටුවක්ද සනිටුහන් විය.
1986 ජුනි 12 වනදා මාලනී ෆොන්සේකා සමඟ ලකී ඩයස් විවාහ විය. ලෝක සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිළියන් අතලොස්ස අතරට ඇයගේ නමද එක් වන්නීය.සිනමා කර්මාන්තයේ සැමගේම “අම්මා“ ලෙස ඇතැමුන් ඇය හඳුන්වන්නේ ඒ නිසා වන්නට ඇත.
නිර්මාණ
රඟ පෑ චිත්‍රපට
  • හතර දෙනාම සූරයෝ
  • නිධානය
  • කවුද රජා
  • බඹරු ඇවිත්
  • හිඟන කොල්ලා
  • කස්තුරි සුවඳ
  • ආවා සොයා ආදරේ
  • අක්කර පහ
  • සුසී
  • එයා දැන් ලොකු ළමයෙක්
සම්මාන
හොඳම වේදිකා නිළිය (1969)
හොඳම නිළිය - විචාරක සම්මානය (1972)
සරසවි සම්මානය
ජනාධිපති සම්මානය
ස්වර්ණ සංඛ සම්මානය
ඕ. සී. අයි. සී. සම්මානය

0 comments:

Post a Comment