Wednesday, March 9, 2016

ලෙස්ටර් ජේම්ස් පීරිස් (Lester James Peiris)

ලෙස්ටර් ජේම්ස් පීරිස් (Lester James Peiris)

ජීවන තොරතුරු
1919 අප්‍රේල් 5 වෙනිදා දෙහිවල කතෝලික පවුලක උපන් ලෙස්ටර්ගේ බාලවිය නොයෙක් මානසික පීඩා වලින් ගහණ වූවකි. වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ ලන්ඩනයේ ඉංගීසි පුවත්පත් කලාවේදියෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. පසුව එහිදී පර්යේෂණාත්මක කෙටි චිත්‍රපට කිහිපයක් නිපදවා සිනමා ශිල්පයේ පළමු අභ්‍යාසය ප්‍රගුණ කළේය.
ඔහු එසේ සිනමා මාධ්‍යයට හා පුරා කියා අතගැසුවේ 1945 දී Golilioguy නැමැති විනාඩි 12 ක පමණ කෙටි චිත්‍රපටය ඔස්සේ ඔහු සිය සිනමා ගමනට ප්‍රථම පියවර තැබුවේය.
1952 දී මව්රට පැමිණි ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ සහකාර අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසට කටයුතු කළේය. එපමණක් නොව ඔහුගේ සිනමාව හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිනමාව වෙත කැන්දගෙන ගියේය.
මෙරට ජාතික සිනමාවට ජාත්‍යන්තර කීර්තියක් ප්‍රථම වරට අත්පත් වූයේ ලෙස්ටර්ගේ ගම්පෙරලියටයි. ඒ 1965 දීය. ඉන් පසුව එම චිත්‍රපටය එම වසරේම මැක්සිකෝවේ අකවුල්කොහී චිත්‍රපට උළෙල පිළිබඳ අටවැනි ජගත් සමාලෝචනයේදී ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක් සම්මානයත් දිනාගැනීමට සමත් වූහ.මෙසේ 3 වැනි ලෝකයේ ඉහලම චිත්‍රපට උළෙලදීත් දේශීය චිත්‍රපට වලදීත් බුහුමනටත්, සම්මානයටත් පාත්‍රවෙත්ම ලෙස්ටර් චිත්‍රපට සංඛ්‍යාව වැඩිකර ගැනීමට කැමැත්තක් දැක්වූ බව ප්‍රකට කරුණකි.
ඔහුගේ චිත්‍රපට හරහා හඳුනාගත හැකි අනෙක් සුවිශේෂත්වය නම් අපේ නවකතා සාහිත්‍ය තුළින් ලාංකීය ඉතිහාසය විවරණය කරමින් සිනමාවේ යෙදෙන්නට ඔහු දැරූ රුචිකත්වයයි. ඔහුගේ සිනමාව පුරා රැඳුණු ලාංකීය සුවඳ පිළිබඳ රහස ඇත්තේද එතනයි.
චිත්‍රපට
රජරට ජයග්‍රහණ
රැකෙනු හෝ තැවෙනු
ගම්පෙරළිය
ගොලු හදවත
නිධානය
අහසින් පොළවට
බැද්දේගම
කලියුගය
යුගාන්තය
සංදේශය
වීර පුරන් අප්පු
අවරගිර
රේඛාව
ටෙලි නාට්‍ය
ගිරය
සම්මාන
ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක්(1965)
ඉන්ටර්නැෂනල් ෆිල්ම් ගයිඩ්(1983)
Life Time Award (2000)
ලිජන් ඔෆ් වර්නර්

0 comments:

Post a Comment