Wednesday, March 9, 2016

අයිරාංගනී සේරසිංහ (Irangani Serasinghe)

අයිරාංගනී සේරසිංහ (Irangani Serasinghe)

ජීවන තොරතුරු
1927 ජූලි 09 දා කෑගල්ල, මීදෙනියේදී  මොළමූරේ පරම්පරාවේ උපන් ඇය නමින් අයිරාංගනී රොක්සානාය. ඇය මහනුවර ශාන්ත පීතර් කන්‍යාරාමය, මහනුවර බිෂොප්ස් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවාය.
කලා විෂයන්ගෙන් අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වූ ඇය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවාය.පාසලේ සහ විශ්ව විද්‍යාලයේ, ඉංශ්‍රීසි  සහ සිංහල යන අංශ දෙකෙන්ම වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ සාමාජිකාවක් විය. ඇය වඩාත් නැඹුරු වූයේ ඉංශ්‍රීසි නාට්‍ය ක්‍ෂේත්‍රයටය.
නාට්‍ය තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවාය. ඇයට තිබූ ඉංශ්‍රීසි භාෂා කුසලතාවය නිසා English Poem නිර්මාණය හා ඒවා දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමද සිදුකළාය.
1947 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ආර්ථීක විද්‍යාව, ඉංශ්‍රීසි හා ඉතිහාසය යන විෂයන්ගෙන් උපාධියද පසුව පශ්චාත් උපාධියක්ද ඇය ලබාගත්තාය. පළමුව මියසියස් විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබීය. පසුව Drama School නම් විදෙස් වේදිකා නාට්‍ය පාසලක ඉගැන්වීමට ලැබිණි. ලංකාවට පැමිණි ඇය වසරක පමණ කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංශ්‍රිසි නාට්‍ය අංශයේ සේවයේ යෙදුණි. ඒ 1971 දීය. අවසාන වශයෙන් ඇය Time පුවත්පතේ මාධ්‍යෙව්දිනියක් ලෙස කටයුතු කළාය. ඇයගේ විනෝදාංශය ස්වාභාවික සංරක්ෂණයයි. ඒ සඳහා ඇය තැබු යෝධ පියවරක් ලෙස “රුක් රුකගන්න“ සංවිධානය
ආරම්භ කිරීම ගත හැකි. මෙම සංවිධානය ආරම්භ කිරීම ගත හැක. මෙම සංවිධානයෙන් ඉටුවන සේවාව උදෙසා ඇයට සම්මාන හිමිවිය. තවද ඇය විවිධ පරිසර කමිටුවල ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන්නීය.
නිර්මාණ
සිංහල වේදිකා නාට්‍ය
පෝරිසාදයා
අපට පුතේ මගක් නැතේ වේ
සිංහල වේදිකා නාට්‍ය වලට මෙන්ම ඉංශ්‍රීසි වේදිකා නාට්‍ය වලටද දායක වී තිබේ.
විත්‍රපට
රේඛාව , දොලොවක් අතර , සීගිරි කාශ්‍යප , සංදේශය, අවරගිර , බක්මහ දීගෙ , සංදේශය , අවරගිර , බක්මහ දීගෙ , දෙවැනි ගමන , දඩයම , රන්සිළු , සුදු සෙවණැලි , තුන්වෙනි යාමය
ටෙලි නාට්‍ය
සමාප්තිය (ඒකාංගික) , යශෝරාවය , දූ දරුවෝ , නෑදෑයෝ , රුපියල් ශත

0 comments:

Post a Comment