Wednesday, March 9, 2016

එදිරිවීර සරච්චන්ද්‍ර (Ediriweera Sarachchandra)

එදිරිවීර සරච්චන්ද්‍ර (Ediriweera Sarachchandra)

ජීවන තොරතුරු
1914 ජුනි 03දා රත්ගම දොඩන්දූවේ තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ චාල්ස් ෆැන්සිස් සිල්වාට හා ගුරුවරියක වූ පින්තෝ මොරගොඩට දාව, වැදිතන්තිරිගේ යුස්ටස් රෙජිනෝඩ්ද සිල්වා නමින් උපත ලැබීය. ඔහු තම නාමය පසුව එදිරිවීර රංජිත් සරච්චන්ද්‍ර ලෙසින් වෙනස් කර ගත්තේය. මොහුට බාල සහෝදරයන් දෙදෙනෙකි. මෙතුමා ගාල්ලේ රිච්මන්ඩ්,පානදුරේ ශාන්ත ජොන්, ගල්කිස්සේ ශාන්ත තෝමස් යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබුහ. එහිදී ඔහු විද්‍යා විෂයන් හා ඉංශ්‍රීසි සාහිත්‍යය මෙන්ම ග්‍රීක, ලතින් ආදී භාෂාද ප්‍රගුණ කළහ. 
මෙතුමා පාසල් මට්ටමින් පවත්වන උසස්ම විභාගය වන ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගය සමත් වූහ. 1933 දී කොළඹ විශ්ව විද්‍යාලයට (යුනිවර්සිටි කොලීජිය) ඇතුළත්වී පාලි, සංස්කෘත යන විෂයන් හැදෑරුහ. 1936 දී මෙතුමා පළමු පෙළ සාමාර්ථයක් ලබාගත්තේය. එසේම ශ්‍රී ලංකා සිවිල් සේවා විභාගයට පෙනී සිට දිවයිනේ පළමුවැනියා වශයෙන් ලිඛිත විභාගයෙන් සමත්විය. ඔහු නිතරම ස්වභාෂා අධ්‍යයනයට උනන්දු වූ අතර, ඉංශ්‍රීසි ඥානය තම පෙරදිග ඥානය වර්ධනයට රුකුලක් කරත්තේය.
පළමුව ගුරු වෘත්තියේ නියැලුණු ඔහු ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල, බම්බලපිටියේ ශාන්ත පීතර් විදුහල් හි සේවය කලේය. ලේක් හවුස් ආයතනයට බැදුණු එතුමා තම ලිඛිත හැකියාව වර්ධනය කරගත්හ. පසුව සිංහල ශබ්ද කෝෂයේ උප කතෘ වශයෙන්ද සේවය කළ මොහු, 1944 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි අංශයේ කථීකාචාර්ය ධුරයට පත් විය.
ඔහු 1939 දී අයිලීන් බ්ලෙක් හා විවාහ වූහ. ඇය සමග භාරතීය දර්ශනය හා සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගියේය. 1947 දී එංගලන්තයේ ලක්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් මෙතුමා, ජපන් භාෂාව ද අධ්‍යයනය කළේය. 1965 දී තම දෙවන විවාහය ලලිතා ස්වර්ණලතා පෙරේරා සමඟ සිදුකළේය.මෙතුමා 1966-1977 කාලයේදී ඇමෙරිකා ඩෙනිසන්,රොචෙස්ටර්, අර්හැම් යන විශ්ව විද්‍යාල වල ආරාධිත මහාචාර්ය පදවිය දැරිය. ජපානයේ ආරාධනාව  පිට International Conference on Japanees Studies යන සම්මන්ත්‍රණයට සහභාගී විය. තවද රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේත්, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේත්, 1974-1977 කාල වකවානුවේ ප්‍රංශයේ වතිකානුවේ සහ ස්විස්ටර්ලන්තයේ තනාපති ධුරත්, ලංකාවේ යුනෙස්කෝ නියෝජිතයා වශයෙනුත් කටයුතු කළේය. තවද ඇමෙරිකාවේ හවායි හි ඊස්ට් වෙස්ට් ආයතනික විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මහාචාර්ය තනතුරට පත්විය.
1996 අගෝස්තු මස 16 වන දින අඩසිය වසකටත් වැඩි කාලයක් දේශීය කලාව ඔප් නැංවීමට විශාල මෙහෙයක් කළ මේ ප්‍රඥායා අප අතරින් සමුගන්නා ලදී.
නිර්මාණ
නාට්‍ය
  • 1942 දී මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ විත්ති“ පොත පරිවර්තනය
  • 1943 දී මෝලියර්ගේ නාට්‍යයක් “මුදලාලිගේ පෙරළිය“ නමින් පරිවර්තනය.(ඒ.පී.ගුණරත්න සමග) මේ සමගින් මුල්ම අනුවර්තනය හා නාට්‍ය නිෂ්පාදනය සිදුවිය.
  • “මළගිය ඇත්තෝ“ (1954)- ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත්කිරීම.
  • “මුදලාලිගේ පෙරළිය“ – 1943/12/16 දා පළමු නාට්‍යය තිරගතවීම.(අනුවර්තන නාට්‍යයකි)
  • කපුවා කපෝති(1945), හැංගි හොරා(1949), උත්තර රාම චරිතය(1951), බහින කළාව හෙවත් සංස්කෘතික කොමසාරිස් (1951), පබාවතී (1952 ),වෙද සටහන (1955)රත්රන්(195 4), වඳින්නගිය දේවාලේ (1955), මනමේ, සිංහබාහු, වෙස්සන්තර, ප්‍රේමතී ජායති සෝකෝ, වෙල්ලවැහුම්, රත්තරන්,ඒකට මට හිනා හිනා, එලොව ගිහින් මෙලොව ආවා ආදී නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කරන ලදී. 
සම්මාන
  • මළගිය ඇත්තෝ නව කථාව(1956) - ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සම්මානය.
  • WITH THE BEGING BOWL(1979) - කෘතියට ශ්‍රී  ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සම්මානය.
  • 1982 දී යාපනය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින් ඩී. ලිට්. සම්මාන උපාධිය.
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය ධුරයට පත් කිරීම.
  • 1985 දී“කුමාරන් අසන් විශ්ව සම්මානය“ (භාරතයේ කේරළ රාජ්‍යෙයන්).
  • 1988 දී පිලපීනයේ මැග්සේසේ ජාත්‍යන්තර සම්මානය.
  • 1991 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඩී. ලිට් සම්මාන උපාධිය.
  • 1996 දී ජපන් රජයෙන් රජත හා ස්වර්ණමය සම්මාන ලැබීම.
  • 1993 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කිරීම.
  • ස්විඩනයේ පැවති නොබෙල් ත්‍යාගය සුදසුස්සන් නම් කිරීමේ කොමිටියට පත්කළ ප්‍රථම ශ්‍රී ලංකිකයා වීම.

0 comments:

Post a Comment